ඉන්දුනීසියාවේ ගංවතුරින් 41 ක් මරුට

ඉන්දුනීසියාවේ ගංවතුරින් 41 ක් මරුට

ඉන්දුනීසියාවේ බටහිර පළාත්වලට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් තවත් 16 දෙනෙකු අතුරුදහන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් නිවාස 84ක්, පාලම් 16ක්, ආගමික ස්ථාන සහ පාසල් රැසකට හානි සිදුවී ඇතැයි ද ඉන්දුනීසියා බලධාරීහු පවසති.

ඒ අනුව, පුද්ගලයින් 90 දෙනෙකු අවතැන් කඳවුරු වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මාර්තු මාසයේ බටහිර සුමාත්‍රා ප්‍රදේශයට බලපෑ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තිබේ.

Share This