ඉන්දියාවේ 78 වැනි නිදහස් දිනය අදයි

ඉන්දියාවේ 78 වැනි නිදහස් දිනය අදයි

ඉන්දියාවේ 78 වැනි නිදහස් දිනය අදට යෙදී තිබෙනවා.

නිදහස් දින සැමරුම් උත්සවය මෙවරත් පැවැත්වීමට සූදානම් කර ඇත්තේ නවදිල්ලි අගනුවර රතු බලකොටුවේදී ය.

මෙවර නිදහස් දිනයේ තේමාව වී ඇත්තේ 2047 වන විට රට සංවර්ධිත රටක් බවට පත් කිරීමයි.

එමෙන්ම ජාතික නිදහස් දිනය වෙනුවෙන් රට පුරා විවිධ දේශප්‍රේමී සහ චාරිත්‍රානුකූලව සිදු කෙරෙන අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වයෙන් දිල්ලි නුවර සුප්‍රසිද්ධ රතු කොටුවේ වාර්ෂික උත්සවයක් පැවැත්වෙනවා.

මේ සඳහා 700 කට අධික ආරක්ෂක කැමරා පද්ධති, ආරක්ෂක නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙළක් යොදා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

1619 වසරේදී ගුජරාට් ප්‍රාන්තයේ සූරත් හි ආරම්භ කළ වෙළෙඳ සමාගම වන ඊස්ට් ඉන්දියා සමාගම හරහා , බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වසර 150ක් ඉන්දියාව පාලනය කළේය.

නැගෙනහිර ඉන්දීය සමාගම ජාතියේ පාලනය සියතට ගත්තේ 1757 දී ප්ලාසි සටනින් ඉන්දියානුවන් ජයග්‍රහණය කිරීමෙන් පසුවයි.

මහත්මා ගාන්ධි, භගත් සිං, සර්දාර් වල්ලභායි පටෙල්, ජවහර්ලාල් නේරු, සුභාස් චන්ද්‍ර බෝස්, චන්ද්‍ර ශේකර් අසාද් වැනි සටන්කාමීන් ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සටන් කළ විරුවන් ය.

1947 දී ක්විට් ඉන්දියා ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යයන් රට හැර ගියහ .

ඒ අනුව අගමැති ජවහර්ලාල් නේරු මහතා 1947 අගෝස්තු 15 වැනිදා දිල්ලියේ රතු බලකොටුවේ සිට ජාතික කොඩිය එසවීමෙන් ඉන්දීයානුවන්ගේ නිදහස් දිනය සනිටුහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.