කටුනායකට ආ ඉන්දීය ගුවන් යානයක බෝම්බ බියක්
ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (24) පස්වරුවේ පැමිණි ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ ඇති බවට තොරතුරු වාර්තා වීම හේතුවෙන් එම ගුවන් යානය හදිසි ගොඩ බැස්සවීමකට (Emergency Landing) ලක් කර මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
මෙලෙස විමර්ශන කටයුතු ආරම්භ කර ඇත්තේ, ඉන්දියාවේ මුම්බායි නුවර සිට අද පස්වරු 02.56 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 131 දරන ගුවන් යානයක බව අප වාර්තාකරු පැවසීය.
එයාර් බස් ඒ.- 320 වර්ගයේ ගුවන් යානයක් වන මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 108 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.