ඉන්ධන කාන්දු වූ ඉන්දියන් නැවෙන් රුපියල් මිලියන 15ක්

ඉන්ධන කාන්දු වූ ඉන්දියන් නැවෙන් රුපියල් මිලියන 15ක්

කොළඹ වරායේ නැංගුරම්ලා තිබිය දී ඉන්ධන කාන්දුවක් සිදුවූ ඉන්දීය නෞකාව අයත් සමාගමට රුපියල් මිලියන 15ක වන්දියක් ගෙවීමට නියම කර ඇතැයි වාර්තා වේ.

මෙලෙස ඉන්ධන කාන්දු වී ඇත්තේ, අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගියදා කොළඹ වරායට පැමිණි ඉන්දීය සමාගමකට අයත් “ARK PRESTIGE” නෞකාවේයි.

පසුගියදා අලුත්වැඩියා කටයුත්තක් සඳහා කොළඹ වරායට පැමිණි ඉන්දීය සමාගමකට අයත් නෞකාවකින් ඉන්ධන කාන්දුවක් සිදුවන බවට තොරුතුරු වාර්තා වී තිබුණි.

ඒ අනුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර ඇති අතර එහිදී හයිඩ්‍රොලික් තෙල් කාන්දුවීමක් නෞකාවෙන් සිදුවී ඇති බවට අනාවරණය කරගෙන තිබුණි.

අදාළ ඉන්ධන කාන්දුව ඉකුත් සෙනසුරාදා සිදුවී ඇති අතර මෙලෙස කාන්දු වූ ඉන්ධන මුහුදු ආශ්‍රිත ප්‍රදේශයේ මීටර් 20ත් 30ත් අතර ප්‍රදේශයක පැතිර ගොස් තිබූ තිබූ බව වාර්තා විය.

ඒ අනුව, අදාළ ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් ඉන්දීය සමාගමට අයත් එම නෞකාව සිය භාරයට ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කර තිබුණි.

එහිදී නෞකාව අයත් සමාගම ද අදාළ වරද පිළිගෙන ඇති අතර ඒ සඳහා වන්දි මුදලක් ලබාදීමට ද සමාගම එකඟතාව පළ‍කල බවයි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කර තිබුණේ.

මේ අතර එම ඉන්දීය නෞකාවේ කපිතාන්වරයාට රටින් පිටුවීම වළක්වාලමින් විදෙස් ගමන් තහනමක් පැනවීමට ද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) පියවර ගෙන තිබුණි.

Share This