රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවෙන් ඉම්රාන් ඛාන් නිදහස්

රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවෙන් ඉම්රාන් ඛාන් නිදහස්

රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම සම්බන්ධව එල්ල වී තිබූ චෝදනාවලින් හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකාවේ පාකිස්තාන තානාපතිවරයා එවූ රහසිගත කේබල් පණිවුඩයක් සම්බන්ධව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් රාජ්‍ය රහස් හෙළිදරව් කළ බවට චෝදනාවට ලක්වූ ඉම්රාන් ඛාන් ට පහළ අධිකරණයක් මඟින් වසර 10ක සිරදඬුවම් නියම කර තිබුණි.

කෙසේ වෙතත් ඔහු තවත් නඩුවකට වරදකරු වීම හේතුවෙන් මෙහිදී ඔහුට නිදහස හිමිවන්නේ නැහැ.

ඔහු සහ ඔහුගේ තෙවැනි බිරිඳ බුෂ්රා දෙදෙනාම සිර දඬුවම් විඳිමින් සිටින්නේ ඔවුන්ගේ 2018 විවාහය ඉස්ලාම් විරෝධී සහ නීතිවිරෝධී වූ අතර එය දික්කසාදයෙන් පසු ඉතා ඉක්මනින් සිදු වූ බවට අධිකරණය තීන්දු කිරීමෙන් පසුවයි

ඒ ඔහු ඉස්ලාමීය නීති කඩකරමින් තෙවැනි බිරිඳක් ආවාහ කරගැනීමේ චෝදනාවට වරදකරු වී වසර 7ක සිරදඬුවම් විඳිමින් සිටීම හේතුවෙනි.

Share This