ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය සජිත්ට

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට ලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (01) රැස්වූ අවස්ථාවේ එම තීරණය ගත් බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන්ට ඉදිරිපත් නොවන ලෙස දන්වා ඇති බවද සඳහන්.