උප්පැන්න නොමැතිවීමෙන් ජාතික හැඳුනුම්පත ගන්න බැරි වූ අයට විශේෂ දැනුම් දීමක්

උප්පැන්න නොමැතිවීමෙන් ජාතික හැඳුනුම්පත ගන්න බැරි වූ අයට විශේෂ දැනුම් දීමක්

උප්පැන්න සහතිකයක් නොමැතිවීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, මේ මස 30 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවයි, එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සඳහන් කළේ.

මේ සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට පසුගිය මාර්තු මස 31 වනදා දක්වා කාලය ලබා දී තිබුණු බව ද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් ප්‍රාදේශීය ලේකම්වරුන් සිදුකළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉල්ලුම්පත් යොමු කිරීම සඳහා මෙලෙස කාලය ලබා දීමට කටයුතු කල බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share This