මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද ( 12 ) දින නියෝග කරනු ලැබුවා .

නඩුවකට අදාළව අධිකරණයේ පෙනි නොසිටීම හේතුවෙනුයි ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙන්නේ .

ඒ 2019 නොවැම්බර් පළමුවනදා අරලියගහ මන්දිරය ඉදිරිපිට දී හිටපු පළාත් සභා මන්ත්‍රී විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඇතුළු තුන්දෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධවයි.

සැකකාර මන්ත්‍රීවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බව ඔහුගේ නීතිඥවරයා දැනුම් දී තිබෙනවා .

මෙහි එක් සැකරුවෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා මිය ගොස් ඇති බැවින් ඉදිරි දින ඔහුගේ මරණ සහතිකය ඉරිපත් කරන ලෙස කොල්ලුපිටිය පොලිසියට නියෝග කෙරුණා.

නීතිපති උපදෙස් සඳහා නඩුව නොවැම්බර් 21ක් වනදා කැදවීමටයි නියෝග කළේ .