හතුරුසිංහගේ වැඩ තහනම් කරයි

හතුරුසිංහගේ වැඩ තහනම් කරයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ වැඩ තහනම් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ.

විනය හේතූන් මත පැය 48ක කාලයක් සඳහා ඔහුගේ සේවය අත්හිටුවා ඇති බවත් වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ සේවය නිම කිරීමට කටයුතු කරන බවත් වාර්තා වේ.

පසුගිය වසරේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩකයෙකුට කම්මුල් පහරක් එල්ල කළ බවට එල්ල වූ චෝදනා මත මෙම තීරණය ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

ඒ අනුව, හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෆිල් සිමන්ස් 2025 චැම්පියන්ස් කුසලාන තරගාවලිය තෙක් අන්තර්වාර පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.