ICC අගෝස්තු මාසයේ ක්‍රීඩිකාව හර්ෂිතා මාධවී

ICC අගෝස්තු මාසයේ ක්‍රීඩිකාව හර්ෂිතා මාධවී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අගෝස්තු මාසයේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකා හර්ෂිතා මාධවී නම් කර තිබේ.

ඇය අයර්ලන්ත සංචාරයේදී දැක්වූ දක්ෂතා මෙම ජයග්‍රහණයට හේතුවී තිබේ.

ICCයේ මාසයේ ක්‍රීඩිකාව ලෙස අවසාන වශයෙන් තෝරාගත් අවස්ථා 4න් අවස්ථා 3 කදීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම සම්මානය දිනාගැනීමට සමත්විය.

මැයි සහ ජූලි යන මාස දෙකේදීම චමරි අතපත්තු එම සම්මානය හිමිකර ගැනීමට සමත්විය.