හරීන්ට සහ මනූෂට අලුත් තනතුරු

හරීන්ට සහ මනූෂට අලුත් තනතුරු

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන්ට විශේෂ ජනාධිපති උපදේශක දුර දෙකක් ලබා දී තිබේ.

මේ අනුව, සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුර හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදී ඇති අතර කම්කරු හා විදේශ රැකියා ජනාධිපති උපදේශක තනතුර මනූෂ නානායක්කාර මහතාට ලබාදී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ලිපි පසුගිය 16 වනදා දිනට අදාළව යොමු කර ඇති බවයි, වාර්තා වන්නේ.

පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර මහත්වරුන්ගේ අමාත්‍ය ධුර අහෝසි වීමෙන් පසු ඔවුනට අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට සිදුවිය.

පුරප්පාඩු වූ එම අමාත්‍ය ධුර පවතින්නේ ජනාධිපතිවරයා යටතේයි.