හක්ක පටස් පුපුරා කාන්තාවකට තුවාල

හක්ක පටස් පුපුරා කාන්තාවකට තුවාල

කුඹුරුපිටිය රක්ෂිතයේ දර කැඩීමට ගොස් හක්ක පටසක් යැයි නොදැන මවක් විසින් අහුලාගෙන ආ කුඩා පාර්සලයක් ලිහා බැලීමට යෑමේදී එය පුපුරා තුවාල ලැබූ කාන්තාවක් ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් වී ප්‍රතිකාර ලබන බව කොච්චවේලි පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, සතුන්ට අටවා තිබූ මෙම හක්ක පටස් සහිත පාර්සලයක් මව විසින් අහුලාගෙන විත් සිය දියණියට මෙය විවෘත කර බලන ලෙස ලබාදුන් අතර එය විවෘත කිරීමේදී මෙසේ පුපුරා ගොස් ඇති බවයි .

සිද්ධිය සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.