ගුණතිලක රාජපක්ෂ රෝහලින් පිටව යයි

ගුණතිලක රාජපක්ෂ රෝහලින් පිටව යයි

පසුගියදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අතරතුර ඇතිවූ ගැටුමකින් තුවාල ලබා නරාහේන්පිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා රෝහලින් පිටව ගොස් තිබේ.

එම රැස්වීමේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග ඇති වූ ගැටුමකදී ගුණතිලක රාජපක්ෂ මහතාගේ පාදයකට බරපතල තුවාල සිදු වී තිබූ අතර එම පාදයකට පැය තුනකට ආසන්න කාලයක් වැය කරමින් පසුගියදා ශල්‍ය කර්මයක්ද සිදු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී රාජපක්ෂ මහතා කියා සිටියේ, රෝහලින් පිටව ගියත් නිවසේ සිට තවදුරටත් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවයි.

Share This