ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව ගැන සොයන්න විමර්ශන කණ්ඩායමක් අලව්වට

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව ගැන සොයන්න විමර්ශන කණ්ඩායමක් අලව්වට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් අද (18) දිනයේ අලව්ව ප්‍රදේශයට පිටත්ව යන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, එම කණ්ඩායම අදාළ සිද්ධියට සම්බන්ධ බව කියන ගුරුවරයා ඇතුළු පාර්ශ්වවලින් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි, විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ.

එහිදී හෙළිවන කරුණු අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර, පාලක පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන් සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා අතර ඊයේ (17) පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් ඉවත් කිරීමට තීරණය කර තිබේ.