ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට ජනපති මව්පියන්ට දුන් විසඳුම

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට ජනපති මව්පියන්ට දුන් විසඳුම

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව නතර කරන බවට ජනාධිපතිවරයා දැනුම්දුන් බව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව වෙනුවෙන් විරෝධතාවල නිරත වූ මව්පියෝ පැවසූහ.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ, ඊයේ (30) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මෙම තීරණය තමන්ට දැනුම්දුන් බවයි.

එමෙන්ම එහිදී ඔවුන් පවසා සිටියේ, පළමු පත්‍රය නැවත පවත්වන මෙන්ද තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.

“එතුමා කියනවා කිව්වා උත්තර ප්‍රශ්න පරීක්ෂාව නතර කරනවා කියලා. අපි ඉල්ලීමක් කළා පළමු පත්‍රය තියන්න.

අපේ සටන ජයග්‍රහණය කරා කියලා අද දවසේ සතුටු වෙන්න පුළුවන්”.