රත්තරන් මිල  ඉහළට

රත්තරන් මිල ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (01) දවසේ රත්තරන් මිල තරමක ඉහළ අගයක් ගෙන තිබේ.

ඒ අනුව, කැරට් 22යි ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 192,100ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල රුපියල් 24,010ක් ලෙස සටහන් තිබුණි.

කැරට් 24යි ග්‍රෑම් 8ක මිල 209,550ක් ලෙස අද දිනයේ සටහන් වී තිබේ.