පොලොන්තලාව ඉඩම් කොටසක් ජෙෆ්රි බාවා පදනමට

පොලොන්තලාව ඉඩම් කොටසක් ජෙෆ්රි බාවා පදනමට

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්තලාව ගොවි පොළෙහි ඉඩම් කොටසක් ජෙෆ්රි බාවා පදනම වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්තලාව ගොවිපොළෙහි කළමනාකාර නිල නිවස ශ්‍රී ලංකාවේ සුප්‍රකට වාස්තු නිර්මාණ ශිල්පියකු වන දේශමාන්‍ය ජෙෆ්රි බාවා මහතා විසිනුයි නිර්මාණය කර තිබෙන්නේ.

එම නිල නිවස සහ එය පිහිටි අක්කර 5ක පමණ ඉඩම් කොටසක් බදු පදනම මත ලබා දෙන ලෙස ජෙෆ්රි බාවා පදනම විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, පොලොන්තලාව ගොවිපොළෙහි කළමනාකාර නිල නිවස සහ එම නිල නිවස පිහිටි අක්කර 5ක ඉඩම් කොටසක් බදු පදනම මත ජෙෆ්රි බාවා පදනම වෙත ලබා දීම පිණිස කෘෂිකර්ම සහ වැවිලි කර්‌මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.