ගීතා ඇතුළු තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 5 ක් දොට්ට

ගීතා ඇතුළු තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 5 ක් දොට්ට

වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු එලෙස සිය ධුරවලින් ඉවත් කර ඇති බවයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව, මෙලෙස ඉවත් කළ සෙසු පිරිස වන්නේ,

වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අමිත් තේනුක විදානගමගේ

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන අයයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3) (අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ඉවත් කිරීම සිදු කර ඇත.

COMMENTS