අමාත්‍යංශ තුනක් ජනපති යටතට ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

අමාත්‍යංශ තුනක් ජනපති යටතට ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුගේ අමාත්‍යධුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරයා යටතට ගෙන ඇත්තේ, සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූරයි.

මීට පෙර මෙම අමාත්‍ය ධුරවල කටයුතු කළ හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අයට ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමත් සමඟ අමාත්‍ය ධුරයන් හී පුරප්පාඩු ඇතිව තිබුණි.

ඒ අනුව, ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.