ගංවතුර අවදානමක් ගැන අනතුරු ඇගවීමක්

ගංවතුර අවදානමක් ගැන අනතුරු ඇගවීමක්

නිල්වලා ගඟ අවට පහත්බිම් ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව, පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව මේ පිළිබඳව විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය පැවසුවාය.