ගම්පහ ඇනිකට් එකේ දිය නාමින් සිටි තරුණයෙකු මරුට

ගම්පහ ඇනිකට් එකේ දිය නාමින් සිටි තරුණයෙකු මරුට

ගම්පහ, කෙටවල ඇනිකට් එකේ දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකි.

ඊයේ (03) රාත්‍රී කාලයේ මිය ගිය තරුණයා තවත් පුද්ගලයින් පිරිසක් සමඟ කෙටවල ඇනිකට් එකේ දිය නාමින් සිටින අතරතුරදී ජලපහරකට හසුවී ගසාගෙන ගොස් ඇති අතර පසුව බරපතළ තත්ත්වයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.