ගලගොඩ අත්තේ ඥානසාර හිමිට ඇප

ගලගොඩ අත්තේ ඥානසාර හිමිට ඇප

බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

2016 වසරේ කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමෙන් ආගමික සමගිය කඩකිරීමේ චෝදනා මත බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිට බරපතළ වැඩසහිත වසර 4ක සිරදඬුවම් නියම කෙරුණි.

ඒ, පසුගිය මාර්තු මස 28 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.