ආපනශාලා ආහාර මිල අඩු කරයි

ආපනශාලා ආහාර මිල අඩු කරයි

විදුලි ගාස්තු පහළ දැමීමට සාපේක්ෂව ආපනශාලා ආහාර මිල පහත දැමීමට සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් මිල රුපියල් 25 කින් අඩු කරන බවයි, එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ.

එමෙන්ම පරාටා සහ බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර මිල රුපියල් 10 කින් අඩු කරන බව හර්ෂණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

ප්ලේන් ටී එකක් රුපියල් 5කින් අඩු කිරීමට නියමිත අතර මෙම සහනය දිවයින පුරා සියලු පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන ලෙසට ද සභාපතිවරයා ආපනාශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.