බෞද්ධ විහාරයක ගින්නකින් සංඝාවාසය සම්පූර්ණයෙන් විනාශයි

බෞද්ධ විහාරයක ගින්නකින් සංඝාවාසය සම්පූර්ණයෙන් විනාශයි

අකුරැස්ස ඓතිහාසික පොල්පිටිය බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ ඇති වූ ගින්නකින් සංඝාවාසය සම්පූර්ණයෙන්ම ගිණිගෙන විනාශ වී ඇතැයි පොලීසිය කියයි.

විහාරස්ථානයේ වැඩසිටි හිමිනමක් මුලින්ම ගින්න දැක ඇති බවත් අනතුරුව උන්වහන්සේගේ දැනුවත් කිරීම මත අකුරැස්ස හරිත මාවත විකල්ප මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිස් හා අවට පිරිස් වල උදව් උපකාර මත ගින්න මැඩපැවැත්වීමට හැකිවූ බව පොලීසිය වැඩිදුරටත් කීය.

විහාරස්ථානයට ඇති එකම සංඝාවාසය ගිනි ගැනීමෙන් වස්වැසූ හිමිවරුන්ද දැඩි අපහසුතාවට ලක්ව සිටිති.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරින්ද කැදවා ගින්නට හේතුව සොයා විමර්ශන සිදුකරන බව අකුරැස්ස පොලීසිය කියයි.