මහනුවර කතරගම දේවාලයේ කපු මහතාගේ ගෙදර ගින්නක් – එක් මහලක් සම්පූර්ණයෙන් විනාශයි

මහනුවර කතරගම දේවාලයේ කපු මහතාගේ ගෙදර ගින්නක් – එක් මහලක් සම්පූර්ණයෙන් විනාශයි

මහනුවර ඓතිහාසික ශ්‍රී කතරගම දේවාල පරිශ්‍රයේ පිහිටි එහි ප්‍රධාන කපු මහතා ජීවත්වන පාරම්පරික නිවසේ ඉහළ මහලේ ඇතිවූ ගින්නක් හේතුවෙන් එම මහල සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශ වී ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .

මෙම ගින්නෙන් වසර 150 කටත් වඩා පැරිණි එම නිවසට දැඩි ලෙස හානි සිදුවී ඇති බව වාර්තාවේ .

මහනුවර නාගරික ගිනි නිවන ඒකකය, පොලිසිය සහ ජනතාව එක්ව ගින්න ව්‍යාප්ත වීමට ඉඩ නොදී එය නිවා දැමීමට පියවර ගෙන තිබුණි .

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .