පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්වීමේ සූදානමක්?

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්වීමේ සූදානමක්?

ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බව සනාථ වුවහොත් යළි ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසයි.

මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ක් ප්‍රසිද්ධ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා ලබන මස 07 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.