ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදී සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අද තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයින්ට ලබන 18 දා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඒ සඳහා අවස්ථාව තිබෙන බවද මැතිවරණ කොමිසම පවසයි.

මෙම ප්‍රාදේශීය සභා මැතිවරණයේදී තැපැල් ඡන්ද භාවිතා කිරීම සඳහා තැපැල් ජන්දදායකයින් 1576 දෙනෙකු සුදුසුකම් ලබා සිටී.