මහමැතිවරණය ගැන ඉඟියක්

මහමැතිවරණය ගැන ඉඟියක්

ජනාධිපතාවරණයෙන් දින 66 කට පසුව මහමැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩ කඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

මෙහිදි තව දුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේද කීය.

ජනාධිපතිවරණයෙන් පසුව පත්වන ජනාධිපතිවරයා තමන්ට සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති බව සිතන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ වැඩි ඉඩක් පවතිනවා.

එහෙම වුණොත් සති පහත් හතත් ඇතුළත නාම යෝජනා කැඳවා දින 66 ක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට සිදු වන බවත් සමන් ශ්‍රී රත්නායක මහතා කීය.