ජන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල අද

ජන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල අද

ජනාධිපතිවරණයේදී ජන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි මුදල සඳහන් ගැසට් පත්‍රය අද (19) ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

පසුගිය සෙනසුරාදා (17) ඊට අදාළව පැවති සාකච්ඡාවේ දී ශත පනහේ සිට රුපියල් 1,000 දක්වා අගයන් යටතේ අපේක්ෂකයින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව එක් ඡන්දදායකයෙකු සඳහා වියදම් කිරීමට අවසර ලත් මුදල නාමයෝජනා භාරගැනීමෙන් දින 5ක් ඇතුළත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කළ යුතු වේ.

ඒ පිළිබඳ තීරණය කිරීමට අපේක්ෂකයන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර පසුගිය සිකුරාදා පැවති සාකච්ඡාවේදී ශත පනහේ සිට රුපියල් දහස දක්වා අගයන් යටතේ අපේක්ෂකයින් ඉල්ලීම් ඉදිරිපත් කළ බවයි, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

ඒ අනුව, ජනාධිපතිවරණයේදී ජන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල සඳහන් ගැසට් පත්‍රය අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.