තැපැල් ඡන්ද සලකුණු කෙරෙන දින ගැන අවසන් තීරණය අද

තැපැල් ඡන්ද සලකුණු කෙරෙන දින ගැන අවසන් තීරණය අද

මැතිවරණ කොමිෂන් සභාව අද (14) රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කරන දින සම්බන්ධයෙන් අද (14) අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම අදහස් කර තිබේ.

ඒ සඳහා දින 4ක පමණ කාලයක් ලබාදීමට මේ වන විටත් මැතිවරණ කොමිසමේ අවධානය යොමුකර ඇත.

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ නිශ්චිත දින වකවානු කවදා ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව පවසන කොමිසම ඒ සම්බනධයෙන් අද (14) සාකච්ඡා කරන බව ද පැවසීය.

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීම පසුගිය 09 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණි.

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීම අවසන් වීමට දින නියම කර තිබුණේ, අගෝස්තු 05 වැනිදා වන අතර ඒ වන විට ලැබී තිබූ අයදුම්පත්‍ර සංඛ්‍යාව ප්‍රමාණාත්මකව අඩු වීම නිසා දින 04කින් අයදුම්පත්‍ර භාර ගැනීමේ කාලය දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබිණි.