මැතිවරණ කොමිසමෙන් ඡන්ද හිමියන්ට විශේෂ නිවේදනයක්

මැතිවරණ කොමිසමෙන් ඡන්ද හිමියන්ට විශේෂ නිවේදනයක්

ජනාධිපතිවරණයේ දී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්ද හිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද පොළකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ කිසිඳු නිල තීරණයක් නොවන සම්පුර්ණ අසත්‍ය කරුණු ඇතුළත් සාවද්‍ය ප්‍රවෘත්තියක් මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එවැනි කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් ඡන්ද හිමියන්ට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ, තමන් ලියාපදිංචි ඡන්ද මධ්‍යස්ථානයෙන් පමණක් බවත් මැතිවරණය කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.