ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය නිවේදනය ජූලි අවසන් වීමට පෙර

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය නිවේදනය ජූලි අවසන් වීමට පෙර

මේ මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ අද (16) පැවැත් වූ විශේෂ සාකච්ඡාවේදී එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මේ බව කියා සිටියේය.

මේ දිනය ක්‍රියාත්මක කිරීමේ දී වෙනත් කිසිදු හේතුවක් බලනොපාන බව ද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මැතිවරණය පැවැත්වීමේ නිවේදනය නිකුත් කිරීමට අවශ්‍ය නම් අගෝස්තු මස 20 වනදා දක්වා කොමිසමට බලය ඇති බවයි.