ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, තැපැල් ජන්ද අයදුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලු ඡන්ද දායකයන් සිය තැපැල් ජන්ද අයදුම්පත් අද මධ්‍යම රාත්‍රී 12ට පෙර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත භාර දියයුතු බව ද කොමිෂන් සභාව සදහන් කරයි.

කෙසේ වෙතත් අද දිනයේ තැපෑලට යොමුකරන අයදුම්පත් වලංගු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

තැපැල් ජන්ද අයදුම්පත් ජන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානවලින් හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් නොමිලේ ලබාගත හැකි බවත් කොමිෂන් සභාව පවසයි.