මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මැතිවරණ කොමිසම අතර හමුවක්

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මැතිවරණ කොමිසම අතර හමුවක්

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා මැතිවරණ ‍කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක් අද (17) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

මෙම හමුව සිදු වන්නේ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති අවස්ථාවකදීය.

මැතිවරණයට අදාළ මූලික ලිය කියවිලි රැසක් මේ වනවිටත් මුද්‍රණයට භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

මේ අතර ජනාධිපතිවරණය සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 10කි.

එම මුදල් සපයා ගැනීම ඇතුළු ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල නිසි කලට මහා භාණ්ඩාගරයෙන් මුදා හැරීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.

මැතිවරණයට අදාළව රාජයේ මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පතිවරයා හා තැපැල්පතිවරයා ද පසුගිය දා මැතිවරණ කොමිසමට කැඳවා සාකච්ඡා කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, ඒ අනුව ජනාධිපතිවරණය මේ මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.