වන අලියෙකුට වෙඩි තබා ඝාතනය කළ පොලීසියේ තිදෙනොගේ වැඩ තහනම්

වන අලියෙකුට වෙඩි තබා ඝාතනය කළ පොලීසියේ තිදෙනොගේ වැඩ තහනම්

බකමූණු, ප්‍රදේශයේදී වන අලියකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇති බව පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

වැඩ තහනමට ලක්වූ සැරයන්වරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනා බකමූණ පොලිසියට අනුයුක්තව රාජකාරී කළ නිලධාරීන් තිදෙනකු බව පොලිසිය පවසයි.

ඉකුත් (15) වැනිදා මෙම නිලධාරීන් තිදෙනා පොලිස් ත්‍රිරෝද රථයෙන් ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටියදී දඹුල්ල දම්පුරගම විහාරස්ථානයට හැරෙන් හන්දිය අසලදී වන අලියකුට වෙඩි තබා මරණයට පත්කර තිබුණි.

එහිදී සැකකරුවන් තිදෙනා වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබුණි.