ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

ජනාධිපතිවරණය පවත්වන දිනය මේ සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත්කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ජනාධිපතිවරණය පවත්වන දිනය මේ වනවිටත් තීරණය කර ඇති බවයි.

ඒ අනුව, ජනාධිපතිවරණ දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ද මේ සතිය අවසන් වීමට පෙර සිදු කරන බව ඔහු පැවසීය.

මේ අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක් ලබන බදාදා හෝ බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත අතර එහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ වහාම ජනාධිපතිවරණයට අදාළ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

ඒ සඳහා වන සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව අද (22) පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේය.