ජනාධිපතිවරණයට එරෙහි පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කෙරේ

ජනාධිපතිවරණයට එරෙහි පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කෙරේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති බැවින් එය ජනමත විචාරණයකින් අනුමත වන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගෙනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) නියම කළේය.

ඒ අනුව, පෙත්සම්කරුට නඩු ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 5ක මුදලක් ගෙවන්නැයි ද නියම කෙරුණු අතර එම මුදල ජූලි 31ට පෙර ගෙවන ලෙස ද නියෝග කෙරිණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අදාළ නියෝගය නිකුත් කළේය.