ජනාධිපතිවරණය නිරීක්ෂණයට රටවල් 12කට ඇරයුම්

ජනාධිපතිවරණය නිරීක්ෂණයට රටවල් 12කට ඇරයුම්

ජනාධිපතිවරණය නිරික්ෂණය සඳහා රටවල් 12 ක නියෝජිතයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

ඒ අනුව, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පකිස්ථානය, මාලදිවයින ඇතුළු රටවල් ඒ අතර වන බවයි, රත්නායක මහතා සඳහන් කළේ.

ඔවුන් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇතුළු සියලු කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු වාර්තාවක් ලබාදීමට නියමිත බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය‍.