මැතිවරණ නිහඬ කාලය ඇරඹෙයි

මැතිවරණ නිහඬ කාලය ඇරඹෙයි

මහ මැතිවරණයට අදාළව ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට ලබා දී තිබූ කාලය ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වී තිබෙනවා.

ඒ අනුව, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ කිසිදු දේශපාලන ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

කෙසේවෙතත්, අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීම සඳහා අද (12) මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

මේ අතර නොවැම්බර් මස 14 වන දින පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරන්නේ.