බිත්තර ආනයනයට යළි අවධානය

බිත්තර ආනයනයට යළි අවධානය

බිත්තර ආනයනය කෙරෙහි යළි අවධානය යොමුව ඇති බව වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශය ආරංචි මාර්ග සදහන් කරයි.

මෙරට බිත්තර නිෂ්පාදකයින් විසින් දිගින් දිගටම බිත්තර මිල, ඉහළ අගයක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එම පියවර ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් හෙට (22) දිනයේ පැවැත්වීමට නියමිත ය.

මෙලෙස බිත්තර මිල නොවෙනස්ව ඉහළ මිලක් පවත්වාගෙන යාම සඳහා නිෂ්පාදකයින් විසින් වෙළෙඳපොළට නිකුත් කරන බිත්තර ප්‍රමාණය සීමා කිරීමට කටයුතු කරන බව සඳහන්ය.

මේ වනවිට වෙළඳපොලේ බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 49ක් 55ත් අතර මිලකටයි.