අධ්‍යාපන අමාත්‍යංශයෙන් සිසුන්ට දැනුම් දීමක්

අධ්‍යාපන අමාත්‍යංශයෙන් සිසුන්ට දැනුම් දීමක්

ලබන වර්ෂයට අදාළ පාසල් පෙළපොත් අද (23) දිනයේ ප්‍රාදේශීය ගබඩා වලට නිකුත් කිරීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එමෙන්ම ලබන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් සියල්ල චීන රජය විසින් සැපයීමට එකඟතාව පළකර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.

මේ අතර ගුරු වැටුප් වර්ධක ප්‍රමාදයකින් තොරව ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ගුරු වෘත්තීය ගැටලු සමාලෝචනය කර ඒවා නිරාකරණය කිරීමට ද රජය මේ වන විට පියවර ගෙන ඇති බවය.