අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට නව නීතියක්

අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට නව නීතියක්

පාසල්වල ඉගැන්වීමේ කටයුතු සහ රෝහල් වල රෝගී සත්කාරක සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නව නීති හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අවදානය යොමු වූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම සේවාවල රාජ්‍ය සේවකයින් වර්ජන සිදු කිරීම මගින් සිදුවන මූලික මිනිස් අවශ්‍යතා කඩවීමට එරෙහිව මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව, නව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කරුණු අධ්‍යයනය කිරීම සඳහා නීති කටයුතු පිළිබඳ විෂය පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂට බලය පවරනු ලැබූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේය.

පාසල් කාල සීමාවන් වලදී ඉගැන්වීමේ කටයුතු වලට බාධාවන් සිදු වන අයුරින් සහ රෝහල්වල රෝගී සත්කාරක සේවා අඩපණ වන අයුරින් ඇතැම් කණ්ඩායම් විසින් සිදු කරනු ලබන බලපෑම් හා අනිසි ක්‍රියා පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.