වව්නියාවේ භූකම්පනයක්

වව්නියාවේ භූකම්පනයක්

වවුනියාව හා කැබිතිගොල්ලෑ අතර ප්‍රදේශයන් හි ඊයේ (18) ර‍ාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ සුළු භූ භූකම්පනයක් සිදුව තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

රික්ටර් මාපකයේ ඒකක 2.3 ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති අතර එය මිනිත්තු කිහිපයක් තුල අවසන්වූ බව සඳහන්ය.

වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති අතර එම කම්පනය පල්ලෙකැලේ, මහකනදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල සටහන්ව ඇති බවයි, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ.

සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව දිස්ත්‍රික් අපදා කළමනාකර එ‍්කකය පවසා සිටියේ නිවාස වලට හානි සිදුවීම් අ‍ැතුළු අ‍ාපදා තත්වයන් පිළිබඳ මෙතෙක් වාර්තා නොවූ බවත්ය.

Share This