පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද (11) උදෑසන 10:13 ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇත්තේ, එම දූපතට කිලෝමීටර් 630 ක් ගැඹුරු මුහුදේ බවයි, භූ විද්‍යාව පිළිබඳ ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය පවසන්නේ.

මෙම භූමිකම්පාවෙන් හානියක් සිදුව නොමැති වුවද පසු කම්පන සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් දූපත් වාසීන්ගෙන් ඉල්ලා තිබේ.

පිලිපීනය පිහිටා ඇති පැසිෆික් සාගරයේ ගිනිකඳු සහ භූමිකම්පා බහුලව සිදුවන ‘ගිනි වළල්ලේ’ මෙය සිදුව ඇති බවත් වාර්තා වේ.