ජනාධිපතිවරණ රාජකාරි සඳහා දෙලක්ෂයකට අධික රාජ්‍ය සේවකයින් පිරිසක්

ජනාධිපතිවරණ රාජකාරි සඳහා දෙලක්ෂයකට අධික රාජ්‍ය සේවකයින් පිරිසක්

මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

එමෙන්ම, ඡන්ද මධ්‍යස්ථාන 13,000 ක ඡන්ද විමසීම සිදුකෙරෙන බව ද එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.

මේ අතර මේ වනවිට සියලු අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කර ඇතැයි ද සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.