අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක්

අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක්

අද (08) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක් පවතින බව පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අත්‍යවශ්‍ය ඖෂධ 862ක් හඳුනාගෙන ඇති බවත් ගිය වසර වන විට ඉන් ඖෂධ 250ක හිඟයක් පැවති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

නමුත් වර්ථමානය වන විට ජාතික මට්ටමේ හිඟතාවක් ලෙස වාර්තා වී ඇත්තේ ඖෂධ 52ක ප්‍රමාණයක් පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එම ඖෂධ 52 සඳහා ආදේශක ඖෂධ මෙරට තුළ පවතින බවත් මින් ඇතැම් ඖෂධ ඇණවුම් කර තිබූ බවත් සහ එම ඇණවුම් ලැබෙමින් පවතින ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද ජීවිත ආරක්ෂක ඖෂධ සියල්ල රෝහල්වල පවතින බවත්, ඖෂධ හිඟය ක්‍රමාණූකූලව අවම වී යන බැවින් ඉදිරි කාලයේ දී ඖෂධ හිඟය මග හැරී යනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.