ඩොලරය අදත් ඉහළට

ඩොලරය අදත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.0.152 අගයකින් සහ විකිණුම් මිල රු.0.098 අගයකින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.  289.15ක් ලෙස සහ විකුණුම් මිල රු. 298.20ක් ලෙස දැක්වේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 289.50 – රු. 297.50

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 286.41 – රු. 297.99

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 290.00 – රු. 297.00

සෙලාන් බැංකුව – රු. 289.35 – රු. 296.85

කොමර්ෂල් බැංකුව – රු. 287.77 – රු. 297.50

අමානා බැංකුව – රු. 291.15 – රු.296.15