ඩොලරයේ අගය ඉහළට
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 0.123ක අගයකින් සහ විකිණුම් මිල රු.0.119ක අගයකින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 288.67ක් ලෙස සටහන් වුණි.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 297.72ක් ලෙසයි.