ඩොලරය කැපීපෙනෙන ලෙස පහළට

ඩොලරය කැපීපෙනෙන ලෙස පහළට

ශ්‍රී ලංකා රුපියලට එරෙහිව එක්සත් ජනපද ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක් අද (15) දිනයේ දී වාර්තා වී තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී ඩොලරයේ ගැණුම් මිල රු.297.19 ක් ලෙසත් විකුණුම් මිල රු. 306.40 ක් ලෙසත් සටහන් වී ඇත.

අද දිනයේ දී ඩොලරයේ මධ්‍ය අගය සටහන් වී ඇත්තේ රු. 302.19 ක් ලෙසිනි. පසුගිය සිකුරාදා (12) මෙම අගය රු. 303.32 ක් ලෙසින් වාර්තා විය.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 295.91 – රු. 306.53

කොමර්ෂල් බැංකුවේ – රු. 295.68 – රු. 305.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 297.00 – රු. 305.00

සෙලාන් බැංකුව – රු. 295.50 – රු. 305.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.295.00 – රු. 305.00

එන්.ඩී.බී. (NDB) – රු. 294.15 – රු. 305.15

අමානා බැංකුව – රු. 299.25 – රු.304.75