දිලිත් ජනපති සටනට ඇප තියයි

දිලිත් ජනපති සටනට ඇප තියයි

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඒ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රමුඛ එම එකමුතුවේ පිරිසක් අද පෙරවරුවේ මැතිවරණ කොමිසමට පැමිණ ඇප මුදල් තැන්පත් කර තිබේ.

එහිදී අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, තරුව ලකුණින් මෙවර ජනාධිපතිවරණයේ දී දිලිත් ජයවීර මහතා තරග කිරීමට නියමිත බවය.